LibreOffice සිංහල

ආයුබෝවන්!

LibreOffice සිංහල නිකුතුව 2011 සැප්තැම්බර් මස 30 දින FOSS4Gov වැඩසටහනේදි නිළ වශයෙන් හදුන්වා දෙන ලදි!


නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන LibreOffice කාර්‍යයාලීය යෙදුම් මෘදුකාගය ඔබට නොමිලේම ලබාගත හැක. ඔබේ සියලුම ලිපි සංස්කරණ කටයුතු (Word Processing), (Spread Sheet), ඉදිරිපත් කිරීම් (Presentation) සහ දත්ත සමුදාය (Database) අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග භාවිතා කළ හැක. මේ වන විට LibreOffice මෘදුකාංගය ඉංග්‍රීසි බසින් පමණක් නොව  සිංහල බසින් ද ඔබට භාවිත කිරීමට දැන් පහසුකම් සලසා ඇත. සිංහල අතුරුමුහුණතට අමතරව, කිනම් අතුරු මුහුණතක සිටිය ද, සිංහලින් ලිවීමට සහ සිංහලින් ලියු ලිපි කියවීමට ද මෙම කාර්‍යයාලීය මෘදුකාංග කට්ටලය පහසුකම් සලසයි.  මෙය වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිකුත් වි ඇත.

පාසැල් ඇතුළු සියලු අධ්‍යාපනික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික යන ඕනෑම අංශයක භාවිතය සඳහා නොමිලේම යොදාගත හැකි මෙම මෘදුකාංගය ඔබට හැකි පමණ සේවකයින්, මිතුරන් අතරේ වුවද නොමිලේම බෙදා දිය හැක.

අති විශාල මුදලක් විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා ඔබත් මැලිකමක් දක්වනවා ද? නිදහස් ලොවක් කරා පියනැගීමට ඔබත් කැමතිද? එසේ නම් අදම LibreOffice ලබා ගන්න.